ලෝක පෙන්ගුයින් දිනය | World Penguin Day 2022

 


ලෝක පෙන්ගුයින් දිනය අප්‍රේල් මස 25 වන දිනට යෙදී ඇත. පියාසර නොකරන පක්ෂීන් ගණයට අයත් පෙන්ගුයින්, සත්ව රාජධානියේ වඩාත් ආදරණීය මෙන්ම ආකර්ෂණීයම ජීවී කොටසක් වන සේම ඔවුන් තම ජීවිත කාලයෙන් හතරෙන් තුනක්ම සාගරයේ ගත කරයි. මෙම සුවිශේෂී කලු - සුදු පක්ෂීන් ජලජ ජීවයට බෙහෙවින් අනුවර්තනය වී ඇති අතර ඔවුන්ගේ පියාපත් ෆ්ලිපර්ස් බවට පරිණාමය වී ඇත. පෙන්ගුයින්ලාගේ විශිෂ්ට පිහිනුම් හැකියාවන් නිසා බොහෝ විශේෂයන්ට මීටර් 200 ක් පමණ ගැඹුරට කිමිදීමට හැකියාව ඇති සේම සමහර පෙන්ගුයින් විශේෂ මිටර් 500 ක් ගැඹුරට පවා ළඟා වේ.

අධික ලෙස මසුන් ඇල්ලීම සහ සාගරයට තෙල් කාන්දුවීම්, සාගර ආහාර මත යැපෙන මෙම පෙන්ගුයින්ලාගේ ජනගහනය වර්ධනයට සැබෑ තර්ජනයක් වී ඇත. එය පුළුල් පරිසර පද්ධතියටම බලපෑමකි. ලෝක පෙන්ගුයින් දිනය මඟින් මෙම විස්මිත සතුන් අගය කිරීමට මෙන්ම ඔවුන් මුහුණ දෙන දුක්ඛිත තත්වයන් සැලකිල්ලට ගෙන ඔවුන් ආරක්ෂා කිරීමට මිනිසුන් දැනුවත් කරයි.

පරිසර අනුකමිටුව 
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Post a Comment

Previous Post Next Post