ජාත්‍යන්තර ජගුවර් දිනය | International Jaguar Day 2021

 


ලෝක ජගුවර් දිනය නොවැම්බර් මස 29 වන දිනට යෙදී ඇත. "එක් පිම්මකින් මරා දමන්නා" යන අරුතින් හැඳින්වෙන ජගුවර් සත්වයා බිළාල කුලයේ භයානකම හා ඇමරිකාවට ආවේනික විශාලතම බිළාල  වර්ගය වන අතරම ලෝකයේ වෙසෙන තුන්වැන්නට විශාලම බිළාල කුලය මොවුන්ය. වර්තමානය වන විට ජගුවර් සත්ත්වයන් මෙක්සිකෝවේ සිට මධ්‍යම ඇමරිකාව හරහා දකුණු ඇමරිකාව දක්වා  පරාසයේ රටවල් පුරා විසිර ජීවත් වේ. මෙම සත්වයන් වයස අවුරුදු 12 - 15 ත් අතර ආයු කාලයක් ගත කරනු ඇත.

දක්ෂ කඳු නගින්නන් මෙන්ම පිහිනුම් ශූරීන් වන මොවුන් රාත්‍රී කාලයේ දඩයම් කරන අතර අසාමාන්‍ය ඝාතන ක්‍රම භාවිතා කර ගොදුරු සොයාගනු ලබන මොවුන් වේගවත් හා කඩිසර සත්ව කොට්ඨාසයකි. 

21 වැනි ශතවර්ෂය ආරම්භයේ දී 15000 ඉක්මවූ ජගුවර්  සත්ත්වයන් ප්‍රමාණයක් මෙලොව හැර ගොසින් ය. එයට හේතුව නම් ඔවුන්ගේ වාසස්ථාන අහිමි වීම,  නීති විරෝධී ලෙස ඝාතනය කිරීම, මෙම සත්වයන්ගේ ශරීර කොටස් නීති විරෝධී ලෙස වෙළඳාම් කිරීම මෙයට අමතරව  ඔවුන්ගේ සම් හා මස් ආදිය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළදාම ද සිදුව ඇත.

අද ලෝක ජගුවර් දිනයේ දී වඳ වන මෙම සත්ව ප්‍රජාව, ඔවුන් අපෙන් වෙන් වන්නට පෙර රැක ගත යුතු බව පෙන්වා දේ.

පරිසර අනුකමිටුව 
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

Post a Comment

Previous Post Next Post