ඔක්තෝම්බර් 24 ජාත්‍යන්තර ගිබන් සතුන් වෙනුවෙන් වෙන් කර ඇත.වානර ගණයට අයත් වුවද උසින් අඩු ගිබන් සතුන් කුඩා වානරයන් ලෙස හඳුන්වයි. වලිගයක් පිහිටා නොමැති මෙම ගිබන්ලාගේ ව්‍යාප්තිය උතුරු ඉන්දියාව, ඉන්දුනීසියාව සහ දකුණුදිග චීනය දක්වා උපනිවර්තන හා නිවර්තන වනාන්තර වල දක්නට ලැබේ. ගිබන් සතුන් ආහාර පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන අතර වසර පුරාවටම පලතුරු, ශාකපත්‍ර සහ කෘමීන් අහාරයට ගනිමින් ජීවත් වේ. එමෙන්ම මොවුන්ගේ ආයු කාලය අවුරුදු 25-30 පමණ වෙයි.
ගිබන් සතුන් මිනිසා සමඟ තරමක් සුහදශීලි කොට්ටාශයක් වන අතර මිනිසාට හානියක් සිදු නොකරයි. මොවුන් සතු සුවිශේෂත්වය වන්නේ, සිංදු කීමේ හැකියාවයි. මොවුන් තම පවුලේ බැඳීම ඇති කරගැනීම සහ සහකරු,සහකාරිය ගේ ආකර්ෂණය ලබා ගැනීමට මෙම ගායනාවන් සිදු කරනු ලබන බව පර්යේෂකයන් පවසයි.
20 වන සියවස අවසානය වන විටත් මිලියන 4ක ගිබන් සත්ත්ව ගහණයක් සිටියද විවිධ මානව ක්‍රියාකාරකම් හේතුවෙන් අද වන විට ලෝකයේ වඩාත්ම වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති ප්රයිමේටාවන් අතරට මොවුන් එක් වී ඇත.
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය