ජාත්‍යන්තර මිරිදිය ඩොල්ෆින් දිනය | International Fresh Water Dolphin Day

ඔක්තෝම්බර් 24 වන දින ජාත්‍යන්තර මිරිදිය ඩොල්ෆින් දිනය යි. ජීව විද්‍යාත්මක උරුමයේ අද්විතීය කොටසක් වන මිරිදිය ඩොල්ෆින් විශේෂ ඇමසන් සහ ඔරිනෝකෝ ගංගා  ද්‍රෝණි පුරා  දක්නට ලැබෙයි. මොවුන් සාමාන්‍යයෙන් දිගින් අඩි 6.5 ක් පමණ වන අතර අලු රෝස පැහැයේ සිට දීප්තිමත් රෝස පැහැය දක්වා වර්ණයන්ගෙන් දක්නට ලැබෙයි. ස්වභාවයෙන්ම අන්ධ වන අතර ගොදුරු සොයාගැනීමේදී අධි ධ්වනි තරංග යොදාගනී. ගංගා ඩොල්ෆින් මත්ස්‍යයින් අතුරින් විශාලම ශරීරයක් සහ මොළයක් සතු වන්නේ ඇමේසන් රෝස ගංගා ඩොල්ෆින් ට ය.

මිනිසා සමඟ සුහදශීලි බවක් පෙන්වන මෙම සතුන් ස්මාර්ට් සත්ත්ව කොට්ටාශයක් ලෙස ද හැඳින්වේ. ගංගා ජලය දූෂණය, වේලි, නැව්ගත කිරීම සහ අතුරු අල්ලා ගැනීම් වැනි හේතු නිසාවෙන් මෙම සුවිශේෂී ජීවී විශේෂය තර්ජනයට ලක්වී ඇත. අද ලෝකයේ ඉතිරිව ඇත්තේ ගංගා ඩොල්ෆින් විශේෂ පහක් පමණක් වන අතර ඒවා සියල්ලම වඳවීමේ තර්ජනයට හෝ බරපතල තර්ජනයට ලක්වී අවසාන ය.

පරිසර අනුකමිටුව 
තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
Previous Post Next Post